ජනපතිතුමනි, අගමැතිතුමනි,මුදල්ඇමතිතුමනි මෙය ඔබතුමක්ලා
ගේ අවධානයට යොමු වේවා !
වයස 61 වනතුරැම විවිධ රැකියාවල් ලෙස ගොවිතැන වඩු මේසන්
ජලනල විදුලි ඉලෙක්ට්‍රෝනික කම්කරැ යන රැකියාවල නිරත වු මම අවසන් වසර 10 මාර්ග සං:
අධිකාරියේ සුපවයිසර් කෙනෙකු ලෙසද රැකියාව කලෙමි. එම වසර 10 ම වෟත්තීය සමිතියේ
ලේකම් ලෙස අඛණ්ඩව රැදී සිටිමින් නායකයන්ට වල්ගය වැනුවෙමි.
අදහස් යෝජනා ඉදිරිපත්
කලෙමි.අයවැය යෝජනා ඉදිරිපත් කලෙමි.මා ඉදිරිපත් කල යෝජනා අතරින් වයස 60 දී අසරන
දීමනාවක් ලබා දෙන්නැයි කල ඉල්ලීම 70ට පෙරලා ක්‍රියාත්මක වීමද මට සතුටකි.සියල්ලන්ට
විශ්‍රාම වැටුපක් ලබා දෙන්නැයි කල ඉල්ලිම හා පවුල්වල අසරන කම මත සේවා කාළය
දිගුකරක්කැයි කල ඉල්ලිම කෝකටත් පෙලපාලි යන හා දුර දක්නා නුවන මද අයගේ උද්ගෝෂන නිසා
ක්‍රියාත්මක නොවීය.
මම වයසින් ඉහල
යන බැවින් හා කාටත් පොදුවු ශාරීරික දුබලතාවයන් මත තදින් වෙහස වන කාර්්‍යයන්හි නිරත
වීම අපහසු වන බැවින් කුඩා ව්‍යාපාරයක් ලෙස කිකිලි පැටවුන් 25 ක් හදන්නට පැටවුන් හා
ආහාර හෝ ණය මුදලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් වසර 08 න්ම පුරා
ජනපතිතුමන්,අගමැතිතුමන් හා සියළුම බංකු වලින් ඉල්ලා සිටියෙමි.
බැංකු කීවේ වයස 60 පසුවු බැවින් ණය ලබාදිය නොහැකි බවයි.
එහෙත් වයස 70 වනතුරැ රාජ්‍ය විශ්‍රාමිකයන්ට බැංකු ලක්ෂ ගනනින් ණය දෙයි.එයට 60න් පසු නොදෙන
රක්ෂන ආවරනයක්ද ලබා දෙයි. හැම දෙයක්ම
ඇත්තාට පමනක් ලබාදෙන බැංකුවද ජීවන මගක් සකසා ගන්නට අසරන අපට රැ20000 ක් වන් සුළු
ණයක් වත් නොදෙයි. මෙවන් ණයක් මාස 24 කදී මසකට 1000 බැගින් ගෙවා නිමකල හැකි ණයක්
වේ.ලබාදිය නොහැකි ඇප ඉල්ලයි.
වයස 60 න්පසු ආයතන වලට රැකියාවන් සදහා බදවා ගත නොහැකිය.එහෙත්
60 ඉක්මවු උසස් අයගේ සේවා කාල දිගු කරන අවස්ථා කොතෙකුත් තිබේ.රටේ ඉහලම පෙලේ අයද 60
පැනපු අයම නොවේද? මානව හිමිකම ගැන දොඩන එල්ලුමි ගහ එපා කියන මානව හිතවාදීන්ටද 60න
පසු අසරන වන මිනිසුන්ටද මානව අයිතිය හා නීතිය සාධාරනව ක්‍රියාත්මක නොවනබව
නොපෙනෙන්නේ ඔවුනටද 60 න් පසු විශ්‍රාම වැටුප ලැබෙන නිසා විය යුතුය.
රජය ස්වයං රැකියා ආධාර කුමයක් හා 30% ක්වු අසරනයන් දුගී
බවින් මුදවන ක්‍රියා මාර්ග අරඹන ලදබව අප පුවත්පත්වල දුටුවෙමු.එහෙත් ඒවා ක්‍රියාත්මකව ක්‍රියාකාරීව ඇති බවක් නොදුටුවෙමු.මෙම වැඩ
පිලිවෙලවල් ආර්ථික නිලධාරීන් සමුෟද්ධි වගා හා ග්‍රාම නිළධාරීන් මගින් ක්‍රියාත්මක
කර වයස නොව දිවිමගක් හදා ගන්නට වෙරදරන කාටත් උපකාර කරන්නැයි ඉල්ලමු.
මට මේ පුංචි කුකුල් ව්‍යාපාරය අරඹන්නට උපකාර කරන්නැය්
මෙයින් ඉල්ලමි.70 දක්වා ණය දෙන බැංකු වලට අවුරැදු 2කින් ගෙවන්නට රාජ්‍යසේවක නොවන ඇප මත රැ20000 ක ණය මුදලක් ලබා දෙන්නැයි මෙයින්
ඉල්ලමි.
එසේම මෙවන් සුළු ස්වයං රැකියා ණය පැංකු වලින් ලබාදීමේදී-1)
දරැවන් සමග හවුල් ගිණුම් ඇරඹීම දරැවන් කියන්නේ ඇපේ කායික කොටසක් නොවේ) 2)රාජය සේවක
නොවන ඇපකරැවන් පිලිගැනීම හා 3) වයස නොසැලකීම වැදගත් වේ.
ඇත්තන් හැක්කන් කිරීම වෙනුවට නැත්තන් හැකි අය කරවීමට ඔබ සැමට ශක්තිය ලැබේවා ! වසර 8ක මගේ උත්සාහය පල
දරත්වා !
No comments:
Post a Comment