WAYLANKA News Cartoon Motion Song Friends.NewsPaper

Waylanka is all country add one.music,sport,new itham is hear.NEWS"MOTION=CARTOON-FRIENDS-STORY-HELP හැම රටකම පුවත්.පුවත් සමාලෝචනය. වැඩිදුර හිතන්න යමක්

Sunday, March 12, 2017



Singing new Song –write by-nals.nissanka. අප ඔබට ඉදිරිපත් නරන මෙම ගීත  පදමාලා‍ව රචකයා ගේ බව සනාථ කරමින් ගායනා කිරීමට හා ප්‍රසිද්ධ කිරීමට අවසර තිබේ.එනමුදු එහි පදමාලා වෙනස් කිරීමට හෝ සමාන ගීත ප්‍රසිද්ධ කිරීමට පෙර රචකයාගේ ලිඛිත අවසරය ලබාගත යුතුය.ඔබ ගයන අප ගීත හෝ වෙනත් ගීත ප්‍රචාරය කිරීමට අප සුදානම් අතරඑය ඔබගේ නිර්මානයක් හෝ ගායනයක් බවට ලිඛිතව සහතික කල යුතුය.මෙම සියළු ගීත අප අපගේ new music lanka  සහ අපට සහයදක්වන සියළු වෙබ්අඩවි මගින්ද ප්‍රචාරය කෙරෙනු ඇත.
එසේම අප ගීත ගායනා කිරීමට හා විවධ රංගනයන්හි යෙදීමට උත්සාහ දරන ඔබව එවන් ආයතන වෙත යොමු කරන වැඩ පිලිවෙලක්ද අරඹන්නෙමු. එයට එකම සාධකය වනුයේ  ඔබේ ඇල්ම උනන්දුව හා දක්ෂතාවය පමනෙකි. අනෙක් සියළු පහසුකම් හා දීමනාවක්ද එම ආයතන මගින් ඔබට ලබාදෙනු ඇත.අප කරන්නේ  ඔබට උපකාර කිරීමකි.විස්තර විමසන්න.
(1)පුංචි දවස් වල නුඹේ සිනාහඩ - ඉදි කෙරැවා මට රජමැදුරක්                                                                                                         වෙහෙසුන ගතසිත සැනසුව සෙනහස - මැවුවා මගෙ සිතෙ අළුත් ලොවක්                                                                                     
  කෙලිලොල් විය නුඹෙ හමාර කරගෙන - ශිල්ප සතර මැද ගෙවුන දවස්                                                                                            
 මා හෙළු දහදිය මුතුකැට සේ විය - පල ලැබුවා නුඹ නොමැත රහස්                                                                                                 
 කැන්දන් යන්නට රජ කුමරෙකු විත් - පතනා විට අවසරය මගෙන්                                                                                                
  දැනුනත් මට දුක අම්මා නැති නුඹ - හිනැහෙනු දුටුවා මගේ හිතින්                                                                                                    
 නිම්මා නැති සෙනහස තනි කෙරැවත් - හැමදා මට නුඹ පුංචි දුවෙක්                                                                                                   
 පතනා සෙනහස ලබන්න නුඹහට - පුංචි දුවේ ඇත අවසරයක්                                                                                                      
   මංගල දවසට  කිංකිනි හඩ මැද - පා තබනා නුඹෙ අළුත් ලොවෙත්                                                                                                
   බාදා දුරැවී ජය හඩ  මැද්දෙන් - මවපන් ආයෙත් සිනා ලොවක්      දෙවන ගීතය 14.03.17

Tuesday, March 7, 2017



පුංචි දවස්වල ස්නෝලෙ යන සංදියෙ අපේ පංසලේ නායක හාමුදුරැවො රණ්ඩුවකට පැටළුන දෙන්නෙකුට මෙහම අවවාද කලා.පහුවෙච්ච දේවල් ඇදඇද ඒව මත්තෙම නහින්නෙ නැතිව තමුන්ගෙන් ගමට රටට කෙරෙන්ට ඔ්න දේවල් හොයල බලල ඒව කලානං නේද හරි. පලි ගන්ඩයි වෛර කරන්ඩයි ගියාම දන්නෙම නතිව මකබෑවෙන්නෙ තමුන්මයි.හිතල බලනව තමුන් දන්නෙ නැතිවුනාට තමුන්ව අනික් වුන් පිලිකුල් කරනව.සමහර ලොකු තානාන්තර දරනවුනුත් උඹල වගෙම මැටි මෝල්ලු. උන් පලිගන්න කොට පහල ඉන්න එකත් ඒකම කොරනව.පාළකයො පලිගන්න වෛර කරන්න ගියාම රට විනාශ වෙනව.උඹල පලිගන්න ගියාම දරැමල්ලො විනාශ වෙනව.වැරැද්දකට දඩුවම් දුන්නට කාරි නෑ. ඒත් එලෝ එලෝ ගහන එක වෛරයක්.හ්ම් දං සමාව ගනිල්ලා.
මිනිස්සු චන්දෙ බලෙන්  ආණ්ඩු වෙනස් කරන්නෙ ඒ පැත්තට වැඩිය මේ පැත්ත හොදයි කියල නොවෙයි.බලය ඉල්ලන එකා කියන බොරැ වලට රැවටිලත් නොවෙයි.ඒ ආණ්ඩුව සාමාන්‍ය ජනතාව  ගැන දක්වන උනන්දුව කැපවීම අඩු වුනහම ඔවුන් කලකිරෙනවා. කෝක ආවත් එක වගෙයි නම් චන්ද දෙන ගනන  අඩු වෙනවා.අනික එකම කෙනෙක් දිගටම බලයෙ තියන්න තරම් ජනතාව මෝඩ නෑ.එහම වුනොත් එයාගෙන් රටට යහපතක් වන්නෙත් නෑ.ආණ්ඩුව පෙරලපුවම එන අය යමක් කරනවා.ඒත් ජනතාව පතන දේ නොලැබෙන කොට එයාලත් විසි වෙනවා.




Sunday, March 5, 2017

ජනපතිතුමනි, අගමැතිතුමනි,මුදල්ඇමතිතුමනි මෙය ඔබතුමක්ලා ගේ අවධානයට යොමු වේවා !
වයස 61 වනතුරැම විවිධ රැකියාවල් ලෙස ගොවිතැන වඩු මේසන් ජලනල විදුලි ඉලෙක්ට්‍රෝනික කම්කරැ යන රැකියාවල නිරත වු මම අවසන් වසර 10 මාර්ග සං: අධිකාරියේ සුපවයිසර් කෙනෙකු ලෙසද රැකියාව කලෙමි. එම වසර 10 ම වෟත්තීය සමිතියේ ලේකම් ලෙස අඛණ්ඩව රැදී සිටිමින් නායකයන්ට වල්ගය වැනුවෙමි.
අදහස් යෝජනා ඉදිරිපත් කලෙමි.අයවැය යෝජනා ඉදිරිපත් කලෙමි.මා ඉදිරිපත් කල යෝජනා අතරින් වයස 60 දී අසරන දීමනාවක් ලබා දෙන්නැයි කල ඉල්ලීම 70ට පෙරලා ක්‍රියාත්මක වීමද මට සතුටකි.සියල්ලන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නැයි කල ඉල්ලිම හා පවුල්වල අසරන කම මත සේවා කාළය දිගුකරක්කැයි කල ඉල්ලිම කෝකටත් පෙලපාලි යන හා දුර දක්නා නුවන මද අයගේ උද්ගෝෂන නිසා ක්‍රියාත්මක නොවීය.

 මම වයසින් ඉහල යන බැවින් හා කාටත් පොදුවු ශාරීරික දුබලතාවයන් මත තදින් වෙහස වන කාර්්‍යයන්හි නිරත වීම අපහසු වන බැවින් කුඩා ව්‍යාපාරයක් ලෙස කිකිලි පැටවුන් 25 ක් හදන්නට පැටවුන් හා ආහාර හෝ ණය මුදලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් වසර 08 න්ම පුරා ජනපතිතුමන්,අගමැතිතුමන් හා සියළුම බංකු වලින් ඉල්ලා සිටියෙමි.

බැංකු කීවේ වයස 60 පසුවු බැවින් ණය ලබාදිය නොහැකි බවයි. එහෙත් වයස 70 වනතුරැ  රාජ්‍ය විශ්‍රාමිකයන්ට  බැංකු ලක්ෂ ගනනින් ණය දෙයි.එයට 60න් පසු නොදෙන රක්ෂන ආවරනයක්ද  ලබා දෙයි. හැම දෙයක්ම ඇත්තාට පමනක් ලබාදෙන බැංකුවද ජීවන මගක් සකසා ගන්නට අසරන අපට රැ20000 ක් වන් සුළු ණයක් වත් නොදෙයි. මෙවන් ණයක් මාස 24 කදී මසකට 1000 බැගින් ගෙවා නිමකල හැකි ණයක් වේ.ලබාදිය නොහැකි ඇප ඉල්ලයි.

වයස 60 න්පසු ආයතන වලට රැකියාවන් සදහා බදවා ගත නොහැකිය.එහෙත් 60 ඉක්මවු උසස් අයගේ සේවා කාල දිගු කරන අවස්ථා කොතෙකුත් තිබේ.රටේ ඉහලම පෙලේ අයද 60 පැනපු අයම නොවේද? මානව හිමිකම ගැන දොඩන එල්ලුමි ගහ එපා කියන මානව හිතවාදීන්ටද 60න පසු අසරන වන මිනිසුන්ටද මානව අයිතිය හා නීතිය සාධාරනව ක්‍රියාත්මක නොවනබව නොපෙනෙන්නේ ඔවුනටද 60 න් පසු විශ්‍රාම වැටුප ලැබෙන නිසා විය යුතුය.

රජය ස්වයං රැකියා ආධාර කුමයක් හා 30% ක්වු අසරනයන් දුගී බවින් මුදවන ක්‍රියා මාර්ග අරඹන ලදබව අප පුවත්පත්වල දුටුවෙමු.එහෙත් ඒවා ක්‍රියාත්මකව  ක්‍රියාකාරීව ඇති බවක් නොදුටුවෙමු.මෙම වැඩ පිලිවෙලවල් ආර්ථික නිලධාරීන් සමුෟද්ධි වගා හා ග්‍රාම නිළධාරීන් මගින් ක්‍රියාත්මක කර වයස නොව දිවිමගක් හදා ගන්නට වෙරදරන කාටත් උපකාර කරන්නැයි ඉල්ලමු.

මට මේ පුංචි කුකුල් ව්‍යාපාරය අරඹන්නට උපකාර කරන්නැය් මෙයින් ඉල්ලමි.70 දක්වා ණය දෙන බැංකු වලට අවුරැදු 2කින් ගෙවන්නට රාජ්‍යසේවක නොවන  ඇප මත රැ20000 ක ණය මුදලක් ලබා දෙන්නැයි මෙයින් ඉල්ලමි.
එසේම මෙවන් සුළු ස්වයං රැකියා ණය පැංකු වලින් ලබාදීමේදී-1) දරැවන් සමග හවුල් ගිණුම් ඇරඹීම දරැවන් කියන්නේ ඇපේ කායික කොටසක් නොවේ) 2)රාජය සේවක නොවන ඇපකරැවන් පිලිගැනීම හා 3) වයස නොසැලකීම වැදගත් වේ.

ඇත්තන් හැක්කන් කිරීම වෙනුවට නැත්තන් හැකි අය කරවීමට  ඔබ සැමට ශක්තිය ලැබේවා ! වසර 8ක මගේ උත්සාහය පල දරත්වා !

Wednesday, March 1, 2017



අප රට නීතිය වෙනස් කල යුතුමයි නැතිව අසරනයන් ගොඩ ගන්න බෑ-බැංකු ක්‍රමය දිළින්දට බාදාවක්!

මහර නීති වර්තමාන සමාජයේ සාමාන්‍ය ජනතාව අසීරැවට පත් කරන බව රහසක් නොවේ.එහෙත් එය බලු නීතිය වෙනස් කලා මෙන් නොවේ.අසරන ජනතාව නගා සිටුවන්නට අත්‍යාවශ්‍ය වු නීති වෙනසට 1948න් පසු කිසිදු රජයක් කටයුතු නොකලද තමපාලනයට එරෙහි පුද්ගලයන්හා බලවේග මර්ධනයට හැම රජයක්ම නීති හා ව්‍යවස්ථාව වෙනස් කරන්නට දිරිදරන බව අතීත සටහන් වලින් පෙන්විය හැකිය.කොපමන උත්සාහ කලද චන්දබලය පවතින පුරා ආණ්ඩු වෙනස කරන්නට වගෙම අවශ්‍ය වුවහොත් වෙනත් මාර්ග වලට පිවිසෙන්නට වර්තමාන ජනතාවට පැහැදිලි අවබෝධයක් ඇති බව දේශපාලනයට එන හැමම අවබෝධ කරගත යුතුය.සත්‍ය වශයෙන්ම අද බලයට එන අය ප්‍රතිවාදියා ගෙන් පලිගන්නට උත්සාහ දරනු මිස රටේ අවශ්‍යතා ඉටු කරන්නට පියවර නොගැනීම ජනතාව මෝඩයන් කර තැකීමක් බව කිව යුතුය.
අද ජනතාව පවා උද්ගෝශන,පෙලපාලි,මාර්ගබාධා කරති.එවන්තත්වයක් ඇති වුයේ මෑතකදී බව කිව යුතුය.පෙර රැකියා කරන්නන් තම අයිතිය,වැටුප ගැන කල දේ අද සාමාන්‍ය ජනතාව කරන්නේ ඔවුන් එයට පොළඹවන හිමිජ්ජන්ද සිටින බැවිනි. කෙසේ වුවද ඒ තත්වය අනාගතයේදී තම අසහන,පීඩා වලදී පාළකයන්ට එරෙහි ක්‍රියා මාර්ග ඇති කරන තත්වයකට පෙරලෙන්නට පුළුවන.එහි ප්‍රතිපලය නම් සුන්දර වන්නේ නැත.
අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවන් අද පරිසර විනාශයකට පවා තුඩු දී ඇතැයි කිව යුතුය.බැනර් නිසා විනාශ වන ෙපාදු දේපල සේම කොන්ක්‍රිට් පාරවල් නිසාද සිදුවේ.චන්දය ලබා ගන්නට ගෙවල් දෙක තුනක පාරත් කොන්ක්‍රිට් කරන චන්ද අපේක්ෂකයන් හා ඒවා අනුමත කරන මුග්ධයන්ට දෙනෝ දාහක් ගමන් කරන අතුරැ පාරවල්  පෙනෙන්නේ නැත.ඒවා හැදුවාට චන්දය ගන්න පහසු නැති බව ඔවුන් දනී.ගොවිතැන ගැන කතා කරන උතුමන්ලාට වෙලවල් කුඹුරැ වලට ජලය සපයන ඇල මාර්ග ගොඩකර පාරවල් හදා ඇති බව දැක ගන්නට ගම්වලට යා යුතුය.එහි ඔවුනගේ මුනත් තහඩුව, ගෞරව පදවියද ලොකුවටම පෙන්නා තිබේ.
තාප්ප බැදගෙන මිදුල කොන්ක්‍රිට් කරගෙන ස්භාවධර්මයට කොකා පෙන්වන්න හදන අය වගෙම මහපොළව වාතය රත්කර පරිසරය විනාශ කරන කොන්ක්‍රිට් චන්දප්පුලා ගැන පරිසර අධිකාරියටද මතක් කරදිය යුතුය.දැන්වත් පාළකයන් ඒවා සෙවිය යුතුය.චනුදය ගන්න ජනතාවට දිය හැකි බොහෝ දේ තිබේ.
ජනතාව ආණ්ඩුව වෙනස් කලේ සැබෑ වෙනසක් දකින්නටය.-හා පාලනයකට නොව සෟජුවු දැහැමි පාලනයකටය. අප යහ තේරැම් ගත්තේ යහපත්-ධර්මිෂ්ථ යන අදහස මුල් කර ගෙනය.පාළකයා දැහැමි වුවාට වරදකරැවන් අපරාධකරැවන්ට දැඩි දඩුවම් දීම අත්‍යාවශ්‍යවන්නේමය. එය රටක පාලනයකට අවශ්‍යම දෙයකි.බොක්කේ දඩමස් පුරවා ගෙන කටින් බුදුරැස් පිට කරන්නට හාමුදුරැවන්ටත් බැරිය.එවිට කටින් පිට වන්නේ කුණුවු මස් ගද මිස පිච්ච මල් සුවද නොවේ.
48 න් පසු ජනතාව ආදරයෙන් සිහිපත් කරන නායකයන් දෙතුන් දෙනෙකු සිටී.ඒ ඔවුන් කෝටි ගනන් වැයකර සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය දේවල් කල නිසා නොවේ.සැබැවින්ම ජනතාවට අවශ්‍යම වු සමහර දේ ජනතාවට ලබාදුන් බැවිනි.ඔවුන් කව්රැන්ද යන්නත් කලකී දෑ මොනවාද යන්නත් සාමාන්‍ය ජනතාව ගෙන් අසාගත යුතුය.
අපරටේ වැසියන් ආදරයෙන්සිහපත් කරන නායකයන් සාමාන්‍ය වැසියන් උ‍දෙසා කල ‍සේවාවන් අතලොස්සක් තරම් වුවද ඒ සේවාවන් නිසා ඔවුන් ලත් ජනප්‍රසාදයෙන් වාසි අත්කර ගත්තේ වෙනත් අයබව කිවහැක.එහි අවසන් පුතිපලය වුයේ ඔවුන් සිහිපත් කරමින් බලය අත්කර ගන්නා පිරිසක් බිහිවීමය.කවුරැවත් රාජසිංහ රජ සිහිපත් කර චන්දය ඉල්ලන්නේ නැත.ඒත් පැරකුම්බා,යුගයක් නිර්මානය කරන්නට චන්දය ඉල්ලති.හිටපු ජනපතිතුමා ත්‍රස්තවාදය දුරැකර ලද ජය හා  ගෞරවය තම වාසියට හරවා ගත්බව පෙන්වන  තොරතුරැ හැමදාකම අසන්නට ලැබේ. එසේම එවන් නායක පින්තුරයක් සමග තමන් ගේ රෑපයද අමුනා ජනතාව මුලාකර චන්දය ලබන්නට ාවර දරන්නේ තමන් ජනතාව වෙනුවෙන් කල දෙයක් නැති නිසාබව මහජනතාව සේම එයට ඉඩදෙන නායකයන්ද තේරැම් ගත යුතුය. චන්දයට එන්නට පෙර යමක් නොකරන එකා ආවට පසුද නරන්නේ තමඋන්ට මිස ජනතාවට නොවේ. යමක් කළද ඉන් කොටසක් තම සාක්කුවට බවද වටහා ගත යුතුය.වෙනස් කලයුතු නීති සේම දැඩි දඩුවම් දියයුතු නීතිද තිබේ.උහුලන්නට බැරි දඩුවම වරදින් මිදෙන මගක් සලසයිග එය දහමටද එකගය.
ජනතාබලයෙන් ජය ලබන අය ජන දුකේදී ඉවත බලයි.පදවි තානාන්තර ලදවිට පන්සල් කෝවිල් පල්ලි වැද ආශිර්වාද ලබන එකා ජනතාව නියගෙන් ගංවතුරින් නාය යෑමෙන් මුද ගොඩ ගැලීමෙන් වන ජනතා කරදර වලදී ජනතාවට සෙත ශනේතිය පතා පන්සල් පල්ලි කෝවිල් වදික්කට ගිය එකම පායකයෙක් ගැනවත් අදවනතුරැ ඔබ අසා තිබෙනවාද?

 තවදුරටත් කරැනු සලකා බලන විට